Posts

වාහන 3ක් එකිනෙකට ගැටී මාරක අනතුරක්

Image
  යාපනය - නුවර ප්‍රධාන මාර්ගයේ පරන්තන් මංසන්ධිය ආසන්නයේ අද (29) අලුයම සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ. කිලිනොච්චිය පොලීසිය පැවසූවේ යාපනය සිට නුවර බලා  ධාවනය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයක්, ටිපර් රථයක් හා යතුරුපැදියක් එකිනෙකට ගැටීමෙන් අනතුර සිදුව ඇති බවය. බස් රථය මාර්ගය ආසන්නයේ නවතා තිබියදී, පසුපසින් පැමිණි ටිපර් රථයක් බස් රථයේ පළමුව ගැටී ඇති තිබේ. අනතුරුව ටිපර් රථයට පසුපසින් පැමිණි යතුරුපැදිය ටිපර් රථයේ ගැටීමෙන් අනතුර සිදුව ඇත. අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයින් දෙදෙනාගෙන් අයෙකු අදාළ ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව ඇති අතර,බරපතළ තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අනෙක් පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

අයහපත් කාලගුණයෙන් පාකිස්තානයේ මිලියනයක් අවතැන්,,,,,

Image
  පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයට බලපෑ හදිසියේ ජලගැලීම් හේතුවෙන් පුද්ගලයින් 17ක් දෙනෙක් මියගොස්, ගම්මාන 1,600ක් පමණ ජලයෙන් යටවී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඉන්දියාවට ඇඳහැලෙන ධාරාණිපාත වැසි හේතුවෙන් එහි ජලාශ පිරීගොස්, එහි ජලය පාකිස්තානයේ පන්ජාබ් වෙත නිදහස් කිරීම හේතුවෙන් මෙලෙස ජලගැලීම් සිදුව ඇති බව සඳහන්. ඉන්දියාවේ සිට පාකිස්තානය ඔස්සේ ගලාබසින රවී, සුත්ලේජ් සහ චෙනාබ් ගංගාවල මෙලෙස ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. ජලගැලීම් හේතුවෙන් මිලියනයක පමණ ජනතාවකට බලපෑම් එල්ලවී ඇති අතර, ආපදාවට පත් ජනතාව මුදාගැනීමට පාකිස්තාන බලධාරීන් දැඩි වෙහෙසක් දරමින් කටයුතු කරන බව සඳහන්. පාකිස්තාන සමස්ත ජනගහනයෙන් සියයට 50කට ආසන්න පිරිසක් පන්ජාබ් ප්‍රාන්තය තුළ රැඳී සිටින අතර, එරට ප්‍රධාන කෘෂිකාර්මික කලාපය ද පන්ජාබ් ප්‍රාන්තයයි. ප්‍රධාන කෘෂි නිෂ්පාදන වන තිරිඟු පිටි, සහල් සහ කපු නිපදවනු ලබන මෙම කලාපය තුළ ජලගැලීම් නිසා පාකිස්තාන ආර්ථිකයට දැඩි බලපෑමක් ඇති වන බව සඳහන්. ගෙවුණු ජුනි මාසයේ සිට මේ දක්වා පාකිස්තානයට බලපෑ ජලගැලීම්වලින් සිදුවූ මරණ ගණන 819කට අධික බව විදෙස් වාර්තා වැඩිදුර සඳහන් කරයි.